අපොස උසස් පෙළ (2023) විභාගයට අදාළව පවත්වනු ලබන උපකාරක පංති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම දෙසැම්බර් මස 29දා මධ්‍යම රාත්‍රියේ සිට අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.
ඒ අනුව එම තහනම කඩකරන පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා කීය.
මෙවර උසස් පෙළ විභාගය 2024 වර්ෂයේ ජනවාරි මස 04 වනදා සිට 31 දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව කටයුතු සූදානම් කර තිබේ.