උහන පොලිසියේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා වන අන්දමින් හැසිරුණු බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් ඊයේ (23දා) අත්අඩංගුවට ගෙන ඇත.
උහන රථවාහන පොලිසියේ නිලධාරීන් විසින් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඔහුගේ දරුවන් දෙදෙනා අනාරක්ෂිත ආකාරයට මහමඟ දමා ගොස් ඇති බව කියමින් සුමනරතන හිමියන් එම පොලිසියේ නිලධාරීන්ට බැණ තර්ජනය කර ඇත.
එම සිද්ධිය සම්බන්ධයෙන් උහන පොලිසිය උසස් නිලධාරීන්න්ට කළ දැනුම් දීමකට අනුව ක්‍රියාත්මක වූ කොට්ඨාස අපරාධ අංශයේ නිලධාරීන් විසින් උන්වහන්සේ අත්අඩංගුවට ගන්නා ලදී. සැකකාර සුමනරතන හිමියන් අම්පාර අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.
පොලිසිය පවසන්නේ සැකකාර හිමිනම අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු සමග සිටි දරුවන් දෙදෙනා ආරක්‍ෂා සහිතව ඔවුන්ගේ නිවස වෙත යැවීමට කටයුතු කළ බවයි.
හේමන්ත රන්දුණු