එංගලන්තයට ජෝෂ් කැඳවයි

292

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ ඉතිරි තරග දෙක සඳහා ක්‍රීඩා කිරීමට එංගලන්ත සංචිතයට නවක වේගපන්දු යවන්නකු වන ජෝෂ් හෝල් කැඳවා තිබෙනවා.

පළමු ටෙස්ට් තරගයේදී ආබාධයකට ලක්වූ වේගපන්දු යවන මාක් වුඩ්ට ඉදිරි තරග දෙකම ක්‍රීඩා කළ නොහැකි බව වෛද්‍ය නිර්දේශය වී තිබේ.

20 හැවිරිදි යෞවනයකු වන ඔහු ලෙස්ටර් ෂයර් ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරයි.

කිසිඳු ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කර නොමැති ඔහු පළමු පෙළ තරග 9කට පමණ සහභාගි වී ඇත.

පැයට කිලෝමීටර් 145ක වේගයෙන් පන්දු යැවීමේ හැකියාව ඇති ඔහු අඩි 6 අඟල් 7ක් උසය.

මාක් වුඩ් පැයට කිලෝමීටර් 149ක වේගයෙන් යැවූ පන්දුවක් වැදී චන්දිමාල්ගේ ඇඟිල්ලක වැදී ආබාධයකට ලක්වීය. මාක් වුඩ්ගේ ස්ථානයේ ක්‍රීඩා කිරීමට ඩලි ස්ටොන්ට වැඩි ඉඩකඩක් ඇති බව සඳහන් වෙයි. එළැඹෙන 29 වැනිදා ලෝට්ස්හිදී දෙවැනි ටෙස්ට් තරගය ඇරඹීමට නියමිතය


advertistmentadvertistment