එංගලන්තයට DLS ජයක්

73

ලෝකකුසලාන තරගාවලියේ B කාණ්ඩය යටතේ එංගලන්තය සහ නැමීබියාව අතර අද පැවැති තරගයට අයහපත් කාලගුණයෙන් බාධා එල්ල වූ එම තරගය DLS ක්‍රමවේදයට අනුව ලකුණු 41 කින් ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.තරගය පන්දුවාර 10කට සීමා විය.එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම සිය පන්වාර 10 තුළදී කඩුලු 5කට ලකුණු 122ක් රැස් කළේය.එහිදී හැරී බ්‍රෝක් නොදැවී ලකුණු 47ක් රැස්කළේය.නැමීබියාවට ලැබුණු ඉලක්කය ලකුණු 125කි. පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ නැමීබියා කාණ්ඩායමට රැස්කර ගත හැකි වූයේ කඩුලු 03ක් දැවී ලකුණු 84ක් පමණි.

advertistmentadvertistment
advertistmentadvertistment