එංගලන්ත පළමු ඉනිමට රූට් ගෙන් ශතකයක්

153

එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ආරම්භ වූ දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පළමු දිනය වූ පෙරේදා (17 වෙනිදා) දිනයට තරගය නිමාවන විට එංගලන්තය කඩුලූ 3ක් දැවී ලකුණු 244 ක් ලබා සිටියේය.

එහිදී එංගලන්ත නායක ජෝ රූට් නොදැවී ලකුණු 119ක් ලබා සිටි අතර ඔහුට අනගි සහායක් ලබා දෙමින් තුන් වෙනි කඩුල්ල සඳහා ලකුණු 164 ක සම්බන්ධතාවක් ගොඩ නැගූ ඩෑන් ලෝරන්ස් ලකුණු 91කට දිනයේ අවසන් පන්දුවට දැවී ගියේය.

බටහිර ඉන්දීය කොදෙව් හි බි‍්‍රජ්ටවුන් හි පැවැත්වෙන මෙම තරගයේ කාසිය වාසිය දිනූ එංගලන්තය ප‍්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ජේසන් හෝල්ඩර්, ජේඞ්න් සීල්ස් සහ වීරසාමි පර්මෝල් එක් කඩුල්ල බැගින් දවා ගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment