එංගලන්ත වැටුණු ඉනිම ගොඩනඟයි

296

ශ්‍රී ලංකා සහ එංගලන්ත ටෙස්ට් තරගාවලිය

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය ඊයේ (21 දා) ආරම්භ විය.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා පළමු පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව ශ්‍රී ලංකාව පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 236ක් ලබා ගැනීමට සමත්විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක වූ අතර සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ නායක ධනංජය ද සිල්වා සහ නවක ක්‍රීඩක මිලාන් රත්නායක එක්ව ශ්‍රී ලංකාව ගෞරවාන්විත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යෑමට සමත් විය. ඒ අනුව ධනංජය ද සිල්වා ලකුණු 74ක් සහ මිලාන් රත්නායක ලකුණු 72ක් ලැබීය.

ඒ අනුව ශ්‍රී ලංකාව තම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 236 යි.

පිළිතුරු ඉනිම ආරම්භ කළ එංගලන්තය පළමු දිනය අවසාන වන විට කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 22 ලබා සිටියේය.

දෙවැනි දිනය ආරම්භයට වර්ෂාවෙන් බාධා ඇති වූ අතර දිවා භෝජනයෙන් අනතුරුව තරගය ආරම්භ කිරීමට සිදුවිය.

පෙර දිනයේ කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 22 ක් ලබා සිටි එංගලන්තය ඉනිම ආරම්භ කළ අතර ඔවුන්ගේ ප්‍රථම කඩුල්ල ලකුණු 30දීත්, දෙවැනි කඩුල්ල ලකුණු 40දීත්, තෙවැනි කඩුල්ල 67දීත්, සිව්වන කඩුල්ල ලකුණු 125දීත් දවාගත් ශ්‍රී ලංකා කණ්ඩායම යම් ප්‍රබල තත්ත්වයක පසුවූ අතර හය වැනි කඩුල්ල සඳහා පිටියට එක්වූ ජෙමී ස්මිත් හැරී බෲක් සමග එක්ව 53ක සබඳතාවක් ගොඩනැඟීමත් සමග තේ පානය සඳහා තරගය නතර කරන අවස්ථාව වන විට ලකුණු පුවරුව ලකුණු 177කට කඩුලු 4ක් ලෙස කියැවිණි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අසිත ප්‍රනාන්දු ලකුණු 46කට කඩුලු 1ක් සහ විශ්ව ප්‍රනාන්දු ලකුණු 34කට කඩුලු 1ක් දවාලූහ.

සුසිල් ජයකොඩි

සංස්කරණය – සුසිල් ජයකොඩි


advertistmentadvertistment