එක්සත් ජාතික පක්‍ෂය සහ සමගි ජන බලවේගය ඉදිරි මැතිවරණයට සන්ධානගතවීමට සිදුකළ මූලික සාකච්ඡා සාර්ථක මට්ටමක තිබුණ ද එජාප ඉහළ නායකයකු පසුව එම සාකච්ඡා සඳහා සහභාගිවීමෙන් සන්ධානගතවීමේ කටයුතු ඇනහිටි බව සජබ සභාපති ඉමිතියාස් බාකිර් මාකාර් මහතා ‘දිවයින’ට පැවසීය.
එම සාකච්ඡා සමගි ජන බලවේගයෙහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් සාර්ථකව සිදුවූ අතර පක්‍ෂ දෙක සන්ධානගත වනු ඇතැයි තමා ද විශ්වාසය පළ කළ බව ඉමිතිහාස් බාකීර් මාකාර් මහතා කීය.
එහෙත් පසුව එජාපයේ ඉහළ පෙළේ නායකයකු සම්බන්ධවීමත් සමග තවදුරටත් සාකච්ඡා පැවැත්වීම බිඳී ගොස් ඒවා අතරමඟ ඇනහිටි බවද ඔහු සඳහන් කළේය.
මෙම සාකච්ඡාවලදී සමගි ජන බලවේගයේ මූලික යෝජනා වූයේ එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය රුවන් විජයවර්ධන මහතාට පැවරීම සහ රනිල් වික්‍රමසිංහ මහතා ජ්‍යෙෂ්ඨ නායක ලෙස කටයුතු කිරීම බව කී බාකීර් මාකාර් මහතා එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා සිය යෝජනාවලට විරෝධය පළ කළ බවද කියා සිටියේය.
අකිත පෙරේරා