එමීර් රාජ්‍යයෙන් පෙට‍්‍රල් බැරල් ලක්ෂ 18ක්

439


මාස 8 ක කාලයක් සදහා ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් බැරල් ලක්ෂ 18 ක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාගමකින් ආනයනයට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.

පසුගිය පෙබරවාරි 15 දා සිට ඔක්තෝබර් 14 දක්වා මාස 8 ක කාලයක් සඳහා මෙම පෙට්‍රල් තොගය ආනයනය කෙරේ.

අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරනු ලැබූ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත එම කොන්ත්‍රාත්තුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාගමකට පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


advertistmentadvertistment