එල්පීඑල් තරගාවලියේ  කණ්ඩායම් 5ට ක්‍රීඩකයින් තීන්දුයි

340

2022 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීම නොහොත් ක්‍රීඩක කෙටුම්පත් කරණය පෙරේදා (05 වැනිදා) රාත්‍රියේදී සිදු කෙරණි. ඒ අනුව ජැෆ්නා කිංග්ස්, ගෝල් ග්ලැඩියේටර්ස්, කැන්ඩි ෆැල්කන්ස්, දඹුල්ල ජයන්ට්ස් සහ කළම්බු ස්ටාර්ස් යන කණ්ඩායම 5 සඳහා ක්‍රීඩකයින් මිලදී ගැනීම එහිදී සිදු කෙරිණි.

කෙටුම්පත් කරණය සඳහා ඉදිරිපත් කර තිබූ විදෙස් ක්‍රීඩකයින් 180ක් අතරින් අදාළ කණ්ඩායම් පහ සඳහා විදෙස් ක්‍රීඩකයින් 30 දෙනකු කණ්ඩයම් හිමිකරුවන් විසින් මිලදී ගැනීම සිදු කළේය. දේශීය ක්‍රීඩකයින් 173කු අතරින් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම මෙන්ම නිමාවට පත් වූ නැගී එන ක්‍රිකට් තරගාවලිවලදී දස්කම් දැක්වූ යොවුන් නැගී එන ක්‍රීඩකයින් රැසක්ද මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය නියෝජනය කිරීමේ අවස්ථාව උදාකර ගත්තේය.

කෙටුම්පත්කරණයෙන් අනතුරුව එක් එක් කණ්ඩායම් සඳහා තෝරාගත් ක්‍රීඩක ලැයිස්තුව පහත දැක්වේ.

දඹුල්ල ජයන්ට්ස්

දසුන් ශානක, ඩාසි ෂෝට්, බෙන් කටින්, භානුක රාජපක්ෂ, චතුරංග ද සිල්වා, රොමේෂ් මෙන්ඩිස්, නුවන් ප්‍රදීප්, තරිඳු රත්නායක, සන්දීප් ලිමිච්චේන්, ටිම් සෙෆර්ට්, හේඩර් අලී, ෂෙල්ඩන් කොටේ්‍රල්, ප්‍රමෝද් මදුශාන්, ලසිත් කෲස්පුල්ලේ, කලන පෙරේරා, දිලුම් සුධීර, සචිත ජයතිලක, දුෂාන් හේමන්ත, සෂා ද අල්විස්, රවිඳු ප්‍රනාන්දු

කලම්බු ස්ටාර්ස්

ඇන්ජලෝ මැතිව්ස්, ඩ්වෝන් ප්‍රෙටෝරියස්, අසීෆ් අලී, චරිත් අසලංක, නිරෝෂන් දික්වැල්ල, නවීන් උල්හක්, දිනේෂ් චන්දිමාල්, කරීම් ජනට්, සීකුගේ ප්‍රසන්න, ජෙෆ්රි වැන්ඩර්සේ, ඩොමිනික් ඩ්රෙක්ස්, සෆාල්හක් ෆාරුක්, ධනංජය ලක්ෂාන්, ඉෂාන් ජයරත්න, මුදිත ලක්ෂාන්, ලක්ෂිත මානසිංහ, කෙවින් කොත්තිගොඩ, චතුරංග කුමාර, නවෝද් පරණවිතාන, චමෝද් බට්ගේ.

ජැෆ්නා කිංග්ස්

තිසර පෙරේරා, එවින් ලෙවිස්, හාර්ඩස් විල්ජන්, ධනංජය ද සිල්වා, ෂොයිබ් මලික්, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, ප්‍රවීන් ජයවික්‍රම, අෂාන් රන්දික, ෂානාවස් දහානි, බිනුර ප්‍රනාන්දු, ටි්‍රස්ටන් ස්ටබ්ස්, සුමින්ද ලක්ෂාන්, සධීර සමරවික්‍රම, දිල්ශාන් මදුසංක, නිපුන් ධනංජය, විජයකාන්ත් වියස්කාන්ත්, තීසන් විදුශාන්, ටී. දිනෝෂාන්

කැන්ඩි ෆැල්කන්ස්

වනිඳු හසරංග, කාලෝස් බ්‍රැත්වේට්, චාමික කරුණාරත්න, කමිඳු මෙන්ඩිස්, ෆේබියන් ඇලන්, ඇන්ඩෲ ෆ්ලෙචර්, ඉසුරු උදාන, ඩෙවල්ඩ් බ්‍රෙවිස්, මතීෂ පතිරණ, අශේන් බණ්ඩාර, උෂ්මාන් ෂින්වාරි, අශාන් ප්‍රියන්ජන්, මිනෝද් භානුක, අවිශ්ක පෙරේරා, අශේන් ඩැනියෙල්, මලින්ද පුෂ්පකුමාර, ජනිත් ලියනගේ, ලසිත් අබේරත්න, කෙවින් බණ්ඩාර

ගෝල් ග්ලැඩියේටර්ස්

ධනුෂ්ක ගුණතිලක, ඉමාඩ් වසීම්, ෆහීම් අස්රෆ්, දුෂ්මන්ත චමීර, කුසල් මෙන්ඩිස්, ලක්ෂාන් සඳකැන්, නුවන් තුෂාර, පුලින තරංග, ජනමන් මලන්, ක්යිස් අහමඩ්, අසාම් ඛාන්, සෆ්රාස් අහමඩ්, නුවනිදු ප්‍රනාන්දු, නිපුන් මාලිංග, සචිඳු කොළඹගේ, ලක්ෂාන් ගමගේ, තරිඳු කෞෂාල්, ෂම්මු අෂාන්

කසුන් රණවීර
 


advertistmentadvertistment