එල්.ටී.ටී.ඊ. කඳවුරක් තිබූ තැනක රත්තරන් සෙව් එස්.අයි. සහ ගුරුවරයෙක් අත්අඩංගුවට

58

යුද සමයේදී එල්.ටී.ටී.ඊ. කඳවුරක් තිබූ කිළිනොච්චියේ රාමනාදන්පුරම් අලගපූරී ප්‍රදේශයේ වළක් හාරමින් රත්තරන් හා මුදල් සොයමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයකු, ගුරුවරයකු ඇතුළු සැකකරුවන් පස් දෙනෙක් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් විසින් 8 දා රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම උප පොලිස් පරීක්ෂකවරයා පොලිස් මූලස්ථානයේ සේවය කරන අතර ඔහුගේ හිතමිතුරු ගුරුවරයා දකුණු පළාතේ සේවය කරන ගුරුවරයෙකි.

මේ පිරිස කිළිනොච්චියේ පිරිසකගේද සහය ඇතිව එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් වළ දමන ලද රත්තරන් හා මුදල් සෙවීමට වළ හාරමින් සිට ඇත.

මේ සඳහා ඔවුන් ස්කෑන් යන්ත්‍රයක් ඇතුළු තවත් උපකරණ රැසක් රැගෙන විත් තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මේ පිරිස අත්අඩංගුවට ගෙන අති අතර ඔවුන් පැමිණි මෝටර් රථයද ඔවුන් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් රාමනාතපුරම් පොලිස් ස්ථානය වෙත භාරදී ඇති අතර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

කිළිනොච්චිය රාමනාදන්පුරම් පොලිසිය ප්‍රකාශ කළේ සැකකරුවන්ගෙන් ප්‍රශ්න කොට ඔවුන් පස් දෙනා කිළිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගනිමින් සිටින බවයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment