හොඳටම කලකිරී විමලවීර දේශපාලනයෙන් සමුගනී!

229

ජනතාව සහ ආණ්ඩුව පිළිබඳව ඇති වූ කලකිරීම නිසා තමන් දේශපාලනයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන මූලස්ථානයේ දී මාධ්‍යවේදීන් සමග අදහස් දක්වමින් හෙතෙම එසේ පැවසීය.

තමන් යළිත් ඡන්දය නොඉල්ලන බවත් තමන්ගේ කෙසෙල් සහ වැනිලා වගාවට සාත්තු කරගෙන ජීවත්වීමට අපේක්ෂා කරන බවත් මන්ත්‍රීවරයා එහි දී පැවසීය. තමන් සොරකම් නොකළ බවත් මත්පැන් පාවිච්චි නොකළ බවත් පගා නොගත් බවත් උම්බලකඩ කෑල්ලක් පවා නොකෑ බවත් ප්‍රකාශ කළ දිසානායක මන්ත්‍රීවරයා තවදුරටත් ප්‍රකාශ කර සිටියේ ඒ කිසිම හේතුවක් නිසා තමාට ඉල්ලුමක් නොමැති බවයි. තමන්ට කියා ගෙයක් ඉඩමක් වාහනයක් පවා නොමැති බව ප්‍රකාශ කළ මන්ත්‍රීවරයා තවදුරටත් ප්‍රකාශ කර සිටියේ එසේ වුවත් මාධ්‍ය මගින් පාර්ලිමේන්තුවේ සිටිනා 225 ම හොරුන් බව ප්‍රකාශ කරන බවය. හොඳ මිනිහෙක් කියා ජනතාව තමන්ට ඡන්දය ප්‍රකාශ නොකරන බවත් පැවසූ මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ජනතාව මාරුවුණ දවසට පාලකයා ඉබේම මාරු වන බව බර්ට්‍රෝල් බ්‍රෙෂ්ට් ප්‍රකාශ කර ඇති බවයි.
එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment