අලිමංකඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී ගවයෝ 17ක් දුම්රියට යටවී මරුට

269

තවත් 8කට තුවාල

කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ බලා ධාවනය වෙමින් තිබූ ශීඝ්‍රගාමී දුම්රියක ගැටී එළ ගවයින් 17 දෙනෙකු එම ස්ථානයේදීම මියගොස් තවත් ගවයින් 8 දෙනෙකු 14 දා තුවාල ලබා ඇත.

මෙම අනතුර සිදු වූයේ යාපනය අලිමංකඩ දුම්රිය ස්ථානයට ආසන්නයේදීය.

මියගිය ගවයින් 17 දෙනාගේ වටිනාකම රුපියල් ලක්ෂ තිහක් පමණ වනු ඇතැයි එම ගවයින්ගේ අයිතිකරුවා ප්‍රකාශ කළේය.

මේ දිනවල උතුරේ ගවයින්ට ආහාර පිණිස ප්‍රමාණවත් අන්දමට තණකොළ නොමැති නිසා ගව පට්ටි හිමියෝ ගවයින් නිදැල්ලේ යාමට ඉඩ හැර ඇති අතර එම ගවයින්ට දුම්රිය පිළිබඳ අවබෝධයක් නොමැති නිසා දුම්රියක් පැමිණෙන විට මාර්ගයේ එහා මෙහා දුවන්නට පටන් ගැනීම නිසා මෙම අනතුර සිදුව තිබේ.

අනතුරෙන් මියගිය ගවයින් 17 දෙනාම එකම ගව පට්ටියකට අයත් ගවයින් වන අතර මියගිය ගවයින් වළ දැමීම සඳහා ගවයින්ගේ අයිතිකරු විසින් ට්‍රැක්ටරයක දමාගෙන රැගෙන ගොස් තිබේ.

දුම්රියේ මෙම ගවයින් ගැටීම නිසා එම දුම්රිය අනතුර සිදු වූ ස්ථානයේ සිට කන්කසන්තුරේ බලා පිටත් වීමට පැයකට වඩා වැඩි කාලයක් ප්‍රමාද වුණි
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment