එ.ජා ත්‍රස්ත මර්දන කවුන්සිලය පළමු වරට දිල්ලි සහ මුම්බායි හි දී

118

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ත්‍රස්ත මර්දන කවුන්සිලය ඉන්දියාවේ සංකේතාත්මක නගර දෙකක් වන නවදිල්ලි නුවර සහ මුම්බායි හි දී පැවැත්වීම ඓතිහාසික අවස්ථාවක් බව ඉන්දීය විදේශ ලේකම් වින්යා ක්වාත්‍රා මහතා පවසයි.ඒ සදහා කවුන්සිලයේ සියලුම සාමාජිකයින්ට ස්තුතිය පළකරන බවද සඳහන් කරයි.කවුන්සිලය ප්‍රථම වරට නවදිල්ලි සහ මුම්බායි නගර වල පැවැත්වීම හා එහි සාමාජිකයන් එම නගර වෙත පැමිණ සාකච්ඡා කිරීම පළමු වරට සිදු වූවක් බව ද පවසයි. මෙම විශේෂ රැස්වීමේදී නව සහ ඒකාබද්ධ තාක්ෂණය සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත. මෙම රැස්වීම් වලදී සකස් කළ දිල්ලි ප්‍රකාශනය දෙසැම්බර් මාසයේ දී පැවැත්වෙන ආරක්ෂක මණ්ඩලයේ දී ඉන්දීය විදේශ ඇමතිවරයා ප්‍රකාශයට පත් කරනු ඇත.


advertistmentadvertistment