තුෂාර ඉඳුනිල් ලලිත් එල්ලාවල ලිෆ්ට් එකේ හිරවෙති

203

තුෂාර ඉඳුනිල් සහ ලලිත් එල්ලාවල යන මන්ත‍්‍රීවරු දෙදෙනා ඊයේ (03 වැනිදා) සවස විදුලි සෝපානයේ විනාඩි පහළවක පමණ කාලයක් සිරවී සිට ඇත.

එම මන්ත‍්‍රීවරුන් දෙදෙනා පාර්ලිමේන්තු සභා ගැබේ සිට බිම් මහළට පැමිණීමට සෝපානයෙන් ගමන් කරද්දී හදිසියේම විදුලි සෝපානය නතරවීම නිසා මෙලෙස එය තුළ සිරවී තිබේ. පසුව පාර්ලිමේන්තු කාර්මිකයන් පැමිණ ඔවුන් දෙදෙනා නිරුපද්‍රිතව බිම් මහළට රැුගෙන ගොස් ඇත.

පාර්ලිමේන්තුවේදී ආරක්‍ෂක අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ පිළිබඳ විවාදයේදී කුරුණෑගල දිස්ත‍්‍රික් මන්ත‍්‍රී තුෂාර ඉඳුනිල් මහතා අදහස් දක්වද්දී ආණ්ඩු පක්‍ෂයේ කළුතර දිස්ත‍්‍රික් මන්ත‍්‍රී ලලිත් එල්ලාවල මහතා කතාවට බාධා සිදුකළ අතර, පසුව ඔවුන් දෙදෙනා සභා ගැබෙන් නික්ම යද්දී මෙලෙස සෝපානයේදී සිර වී ඇත.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment