එ.ජ.නි.ස. – ස.ජ.බ. එක්වෙන්න හදයි

104

එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉදිරියේදී සමගි ජන බලවේගය සමග සන්ධානගත වන්නට සාකච්ඡා අරඹන බව ඊයේ (02දා) පැවැති හමුවකදී එහි මහ ලේකම් තිලංග සුමතිපාල මහතා කීවේය.

මීට අමතරව සර්වජන බලය සංවිධානය සමගත් සාකච්ඡා කරන බවද ඔහු කීය. ඊයේ මේ සඳහා පැවැති හමුවට දිස්ත්‍රික් හා ආසන සංවිධායකවරුන් 135ක් පමණ කොළඹ ඩාර්ලි පාරේ එජනිස ප්‍රධාන කාර්යාලයට එක්ව තිබේ. මෙවැනි සන්ධානගත වීමකට ජාතික ජන බල වේගය හෝ එජාපය සමග සාකච්ඡා කිරීමට බොහෝ දෙනාගේ අකමැත්ත මෙන්ම නුසුදුසු බවද අවධාරණය කළ බව සුමතිපාල මහතා කීය.

advertistmentadvertistment
advertistmentadvertistment