මුලතිව් සෙම්මාලෙයි ප්‍රදේශයේ වයස අවුරුදු දහයක කුඩා දරුවකු සෙල්ලම් කරමින් සිටි ඔන්චිල්ලාවේ ලණුව ගෙලෙහි පැටලීම නිසා ඔහු 21 දා මියගොස් තිබේ.
ලණුවේ ගෙල සිර වූ මෙම කුඩා දරුවා බේරා ගන්නා අවස්ථාව වන විටත් ඔහු නිසොල්මන්ව සිටි බව එම නිවසට යාබද නිවෙස්වල වැසියෝ පොලිසියට ප්‍රකාශ කොට තිබේ.
ලණුවෙන් ගලවා ගත් කුඩා ළමයා වහාම මුලතිව් රෝහල වෙත රැගෙන ගොස් ඇතත් ඒ වන විට එම ළමයා මියගොස් සිටි බව වෛද්‍යවරු ප්‍රකාශ කොට තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ ප්‍රසාද් දනේෂ් නැමති කුඩා දරුවකු වන අතර ඔහු සෙම්මලෙයි විද්‍යාලයෙන්
පසුගිය වසරේ පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට වැඩිම ලකුණු (140) ලබාගත් සිසුවා වෙයි.
මියගිය කුඩා ළමයා සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ මුලතිව් රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා නිගමනය කොට ඇත්තේ මෙම මරණය හුස්ම හිරවීමෙන් හා අධික කම්පනයෙන් සිදු වූ මරණයක් බවටයි.
මුලතිව් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.
දිනසේන රතුගමගේ