ශ‍්‍රී ලාංකික ගෘහ සේවිකාවන්ගේ භාණ්ඩත් නැව ඇතුළේ පිච්චිලා

278

ශ‍්‍රී ලාංකික ගෘහ සේවිකාවන්ගේ භාණ්ඩත් නැව ඇතුළේ පිච්චිලා

 එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් කටාර්හි සේවය කරන ශ‍්‍රී ලාංකික ගෘහ සේවිකාවන් පිරිසකගේ වටිනා භාණ්ඩ තිබූ කන්ටේනර් හයක් ද විනාශවී ඇත.
 
 කටාර්හි සිට මෙරටට පැමිණීමට පෙර ඔවුන් එම භාණ්ඩ නැවට පටවා තිබිණි.
 
 එහෙත් රක්ෂණය ලබා ගැනීමේ අර්බුදය නිසා ඔවුන්ට තම භාණ්ඩ අහිමිවීම ගැන වන්දිය ලබාගැනීමට නොහැකි වී ඇත. මේ අතර එක්ස්ප‍්‍රස් පර්ල් නැව ඇති ප‍්‍රදේශයේ අනතුරු ඇ`ගවීමේ බෝයාවන් සවිකිරීමට නැවේ හිමිකරුවෝ කටයුතු යොදා ඇත.
 
 මේ වනවිට නැව මුළුමනින්ම ගිලී ඇති අතර යාත‍්‍රාකරන අනිකුත් නැව්වලට අනතුරු ඇඟවීම සඳහා මෙම බෝයාවන් සවිකරතිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment