මේ ආණ්ඩුවට දැනුම  නැති නිසා සජබයෙන් විසඳුම් හැදුවා  

198

රට මෙසේ විනාශයට පත් කරන්නට කටයුතු කළ මහා භාණ්ඩාගාරයේ, මුදල් අමාත්‍යාංශයේ හා මහබැංකුවේ නිලධාරීන් නිරුපද්‍රිතව තාමත් ඒ ස්ථානවල වැජඹෙමින් සිටින බැවින් මේ අර්බුදයෙන් ගොඩ එන්නට කුමන විසඳුම් යෝජනා කළ ද ඔවුන්ට ඒවා ක‍්‍රියාත්මක කිරීම සඳහා තේරුම් ගැනීමේ හැකියාව නැති නිසා කළ යුතු එකම දෙය මේ අර්බුදයට වගකිවයුතු සියලූ දෙනා ගෙදර යැවීම යැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එරාන් වික‍්‍රමරත්න මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේ ආර්ථික කේන්ද්‍රයේ පෙරේදා (30 දා) පැවැති මාධ්‍ය සාකච්ඡුාව ඇමතූ ඒ මහතා මෙම අදහස් පළ කළේය. ඒ මහතා මෙසේද කීවේය.

පරිගණක තාක්ෂණය හරහා සේවා අංශයේ රැකියාවල නියුතු දක්ෂ තරුණ තරුණියන්ට බොහොමයක් මේ රටේ සිටිනවා. ඔවුන්ට මේ විදුලිය නැති නිසා එම සේවාව ලබාදීමට නොහැකි වනවා පමණක් නොව ඒ හරහා රටට ලැබෙන විදේශ විනිමය ආදායම ද අහිමි වීමේ තර්ජනයක් පවතිනවා.

මහා පරිමාණයේ කර්මාන්ත ශාලා හිමියන්, අපනයනකරුවන් ව්‍යාපරිකයන්, විදුලිය කපන අවස්ථාවල දී තමන්ගේම විදුලි ජනන යන්ත‍්‍ර භාවිත කළ ද ඞීසල් නැති නිසා ඒවාද ක‍්‍රියාත්මක කරන්නට බැරි තරමට තත්ත්වය උග‍්‍ර වෙලා. රටේ ආර්ථීකය තවදුරටත් කඩාවැටීමට ලක්වෙලා.

ආර්ථිකයට අදාළ ප‍්‍රතිපත්ති සහ වෙනස්කම් ක‍්‍රියාවට නංවාලීමේ දී එයින් තමන්ට නිවැරදි යැයි සිතන එකක් පමණක් ක‍්‍රියාවට නැංවීමෙන් තත්ත්වය තවත් උග‍්‍ර වෙනවා. ඒවාට අදාළ සියලූ අංශ එක් වර ක‍්‍රියාත්මක කිරීම සිදු කළ යුතු වුව ද ආර්ථික කළමනාකරණය පිළිබඳ දැනීමක් නැති නිසා තනි තනි විසඳුම් ක‍්‍රියාත්මක කරනවා. ඒව ඵලක් නැත.

අද රට වැටී ඇති තත්ත්වයෙන් ගොඩගන්නට නම් ක්ෂණිකව කළ යුතු දේවල් ක්ෂණිකවම කළ යුතුයි. ඒ වගේම මැදිකාලීනව හා දිගුකාලීන විසඳුම් ද ක්ෂණික විසඳුමට සමාන්තරව ක‍්‍රියාත්මක කළ යුතුයි. ඒ සඳහා නිවැරදිව යෝජනාව වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡුාව දිගටම ගෙන යා යුතුයි. ඒ සඳහා මූල්‍ය හා නීතිය පිළිබඳ උපදෙස් අවශ්‍ය වෙනවා.

අවාසනාවකට මෙන් මේ රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යා යුතුද නැද්ද යැයි කාලයක් තර්ක කරමින් කාලය ගත කළා. දැන් මේ සඳහා මූල්‍ය හා නීති උපදේශකයන් අවශ්‍ය දැයි යළිත් වරක් තර්ක කරමින් සිටිනවා.

ශ‍්‍රී ලංකාව මෙන් ආර්ථික අර්බුදවලට මුහුණ දුන් වෙනත් රටවල් ද තිබෙනවා. ඔවුන් එම අර්බුදවලින් ගොඩ එන්නට කුමක්ද කළේ යැයි මේ රජයේ පාලකයන් හා වගකිවයුත්තන් සොයා බැලිය යුතුයි. එහෙත් ඒ ඉතිහාසයේ පාඩම ඉගෙනගන්න මේ පාලකයන් හා මූල්‍ය පාලනයට වගකිව යුතු නිලධාරීන් සූදානම් බවක් පෙනෙන්නට නැහැ. මීළඟට කළ යුතු වන්නේ විදේශ රටවලට ගෙවිය යුතු අපේ ණය අත්හිටුවීමයි. වහාම ඒ සඳහා ද රජය අවශ්‍ය පියවර ගත යුතුයි.

ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමට පෙරාතුව ණය දුන් පාර්ශ්වයන් සමග සාකච්ඡුා කර එකඟතාවයකට පැමිණීමට මාස හයක් පමණ ගත වීමට ඉඩ ඇති බැවින් ක්ෂණික සාකච්ඡුාවක් පවත්වා ගෙවිය යුතු ණය තාවකාලිකව අත්හිටුවීමට එකඟතාවය ලබා ගත යුතුයි.

අවාසනාවකට මෙන් මේ රජය කෙරෙහි ජාත්‍යන්තරයේ විශ්වාසයක් නැහැ. මේ බැ?රුම් අවස්ථාවේදී ශ‍්‍රී ලංකාවට අතහිත දීම පිළිබඳ අපි ඉන්දියාවට ප‍්‍රසංශා කරනවා. සැපයුම් අංශය සහ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග කීපයක් සඳහා ඉන්දියාවෙන් ලැබී ඇති එම ආධාරවලට අමතරව රටේ අනෙකුත් අවශ්‍ය භාණ්ඩ හා සේවාවන් සඳහා තවත් විශාල මුදලක් අවශ්‍ය වනවා.

ඉතා ගැඹුරු අර්බුදය පිළිබඳව රජයට විසඳුමක් නැති බැවින් සමගි ජන බලවේගය දේශීය හා ජාත්‍යන්තර විද්වතුන්, ශ‍්‍රී ලංකාවේ මූල්‍ය හා ආර්ථික ක්ෂේත‍්‍රයේ හිටපු විද්වතුන් හා ප‍්‍රවීණයන් සමඟ සාකච්ඡා පවත්වා ඒ සඳහා ක‍්‍රියාත්මක කළ යුතු ක්ෂණික, මැදිකාලීන හා දිගුකාලීන විසඳුම් පිළිබඳ දැනටමත් අධ්‍යයනය කර අවසන්.

අද වන විට බඩු මිල දෙගුණයකටත් එහා වැඩිවී ඇති තත්ත්වයක මාසික වැටුප් ලබන්නකුට ඒ වැටුපෙන් ජීවත් විය හැකි වන්නේ අර්ධ මාසයක් පමණි. ස්ථිර රැුකියාවක් හා ස්ථිර වැටුපක් ලබන අයට ද ජීවත්වීමේ අරගලයක් පවතිද්දී දෛනික වැටුප් ලබන අයට ඊටත් වඩා දුෂ්කරතා ඇත. ඒ නිසා ඉතා දුප්පත් අය ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ද සමගි ජනබලවේගය විසින් සකස් කරමින් සිටිනවා. එය සඳහා දැනට ක‍්‍රියාත්මක රටේ අයවැයේ යම්කිසි වෙනසක් කළ යුතුයි.

advertistmentadvertistment
advertistmentadvertistment