දෛවරේඛාව හෘදය රේඛාවෙන් අවසන් වීම හෘදයාබාධ ඇතිවීමට හේතු විය හැක. ආදර සබඳතා බිඳවැටීමටද හේතුවන බැව් කියැවේ. දෛවරේඛාවට සමාන්තරව තවත් එවැනි රේඛාවක් පැහැදිලි ලෙස ඉහළට ගියහොත් එම අයට මාර්ග දෙකකින් ධනය හිමිවේ. දෛවරේඛාවෙන් ඉහළට නැගෙන රේඛාවලින් කෙනෙකුගේ වේගවත් දියුණුව, ජයග්‍රහණ හා ජනප්‍රියත්වය ප්‍රකට කෙරේ. බලාපොරොත්තු ඉටුවීම්, සුභදායක සිදුවීම් එම රේඛා බෙදීයන ස්ථානයට අදාළ වයස් සීමාවේදී සිදුවේ. තමා ආදරය කරන අය හා විවාහවීම, රැකියාවකට ඉඩ සැලසීම, ව්‍යාපාරයේ දියුණුව ආදී ජීවිතයේ සුභදායක අවස්ථා එමගින් තීරණය කළ හැකිය.
අත්ලේ ප්‍රධාන රේඛාවන් අතරින් තවත් රේඛාවකි දෛවරේඛාව. ඔබ ධන රේඛාව වශයෙන් හඳුන්වන්නෙත් දෛවරේඛාවයි. මෙම රේඛාව අත්ලේ කුමන ස්ථානයකින් ආරම්භ වුවත් අවසන් වන්නේ මැද ඇඟිල්ලේ මුල ප්‍රදේශයට අයත් ශනි හෙවත් සෙනසුරු මණ්ඩලයෙනි. එනිසාම එය ශනි රේඛාව වශයෙනුත් හඳුන්වයි. ඇතැම් අයගේ මෙම රේඛාව මැණික් කටුව ආසන්නයේ සිට අත්ල හරහා මැදඟිල්ල දක්වා විහිද යයි. බොහෝවිට සෘජුව ඉහළට විහිදී යන දෛවරේඛාව මගින් කෙනෙකුගේ දෛවයට ලැබෙන සුභ ප්‍රතිඵල ප්‍රකාශවෙයි. එමෙන්ම ධන සම්පත් දියුණුව මෙන්ම ඒවා ඔබට හිමිවන කාල වකවානු මෙන්ම ඒවාට ඇතිවන බාධක ආදී බොහෝ කරුණු ද මෙම රේඛාවේ පිහිටීම අනුව අනාවරණය වෙයි.
කැපීම්, බිඳීම්, ගෙවීම්, දූපත් සලකුණු ආදියෙන් තොර පැහැදිලි සෘජුව පිහිටි දෛවරේඛාවකින් කෙනෙකුට බොහෝ සම්පත් උරුම වන බැව් පෙන්නුම් කෙරේ.
එමෙන්ම අන් අයගේ ගෞරවය ප්‍රසාදය දිනාගැනීමටත් ධන ධාන්‍යයෙන් සශ්‍රීක වීමටත් වාසනාව හිමිවෙයි.
දෛවරේඛාව සිකුරු මණ්ඩලයෙන්ද ආරම්භ විය හැක. සිකුරු මණ්ඩලයෙන් (1) පටන්ගත් විට අත්ල හිමියා ජීවිතයේ මුල් කාලයේදී නැදෑයින් ඈත් කරනු ලබයි. පසු කාලයේදී මොහුගේ කටයුතු පවුලේ අය විසින් පාලනය කරනු ලබයි. (මව, පියා ස්වාමියා හෝ භාර්්‍යාව විය හැක) එම අයගේ ආධාර උපකාර මත ඔවුන්ට භාග්‍යය උදාවනු ඇත. තමන්ගේ ව්‍යාපාර කටයුතු ද විශාල වශයෙන් දියුණු වේ. සමහර විට මෙම රේඛාව මැණික් කටුව මුලින්ද ආරම්භ විය හැක. එලෙස මැණික් කටුව ආශ්‍රයෙන් නැගෙන පැහැදිලි දෛවරේඛාවක් ඇති අය (2) අන් අයගේ පිහිට උපකාර අපේක්ෂා නොකරන අතර ස්ව උත්සාහය හා ධෛර්ය මත තව තවත් දියුණුව කරා යති. එම රේඛාවේ සිට පැහැදිලිව අතු රේඛාවක් රවි මණ්ඩලය (3) වෙදඟිල්ල මුල කරා විහිදේ නම් ඔහු හෝ ඇය නොයෙකුත් කලා ශිල්පවලින් ප්‍රසිද්ධියට පත්වේ. බොහෝ විට ඔවුන් ගායන ශිල්පීන්, රංගන ශිල්පීන් විය හැකිය. මොවුන් ඉක්මන් විවාහවලට යොමුවුවත් බොහෝවිට අසාර්ථක තත්ත්වයක් පෙන්නුම් කෙරේ. මෙම රේඛාව ශනි මණ්ඩලය මතදී තාරකාවකින් අවසන් වී නම් එය වඩාත්ම පැහැදිලි වෙයි.
සිකුරු මණ්ඩලයෙන් (1) පටන්ගත් දෛවරේඛාවක් තිබීමත් එය හෘදය රේඛාවට බෑවුම්ව තිබීමත් විවාහකයෙකු සමග සම්බන්ධතා පවත්වන බවත් හෙළි කරයි.
යම් අයෙකුගේ දෛවරේඛාව ශනි මණ්ඩලය හරහා මැදගිල්ලේ මැද දක්වා විහිද යෑම ඉතා අශුභ තත්ත්වයකි. එය මහමග දිළින්දෙකුගේ තත්ත්වයකටද පත්විය හැකි සලකුණකි.
මැණික් කටුව ප්‍රදේශයෙන් පටන්ගත් දෛවරේඛාව මැදගිල්ල දක්වා ගොස් ත්‍රිශූල ලක්ෂණයකින් කෙළවර වූයේ නම් එය එම රේඛාවේ හොඳම සුභදායක පිහිටීම ලෙස සැලකේ. ධනය, කීර්තිය, ගෞරවය, ප්‍රසිද්ධිය ආදී හැමදෙයක්ම එමගින් උරුම කරදෙයි. රාජ්‍ය නායකත්වය පවා හිමිවීමට එය හේතු විය හැක.
දෛවරේඛාවේ මුල කොටස හෙවත් මැණික්කටුව ආසන්නයේම ඇති කොටස දූපත් ලකුණු සහිත හෝ කැඩුම් බිඳුම් සහිතවී නම් ජීවිතයේ මුල් අවදියේ ඇති වූ අසනීප හෝ වෙන යම් බාධක හෝ පෙන්නුම් කෙරේ. ශීර්ෂ රේඛාවට පහළින් දෛවරේඛාව බිඳී හෝ කැපී ගියහොත් ජීවිතයේ මැද වයසේදී (35-40 අතර) විශාල පසුබෑමකට හෝ කරදරයකට හෝ ලක්වී ඇති බවට සලකුණකි.
දෛවරේඛාවෙන් ඉහළට එනම් ඇඟිලි දෙසට විහිදී යන රේඛා සියල්ල වාසනා රේඛා වේ. එමගින් ජීවිතයේ ඉදිරි දියුණුව පෙන්නුම් කරන අතර, පහළට විහිදයන රේඛා අශුභ තත්ත්වයන් ප්‍රකාශ කෙරේ.
දෛවරේඛාව චන්ද්‍ර මණ්ඩලයෙන් ආරම්භ වී (4) බාධක ලකුණුවලින් තොරව ශනි මණ්ඩලය කරා විහිද යෑමද සැප සම්පත් උරුම කරදෙන පිහිටීමකි. විරුද්ධ පාර්ශ්වයේ එනම් ස්ත්‍රියක් නම් පුරුෂයෙකුගෙන්ද, පුරුෂයෙකු නම් ස්ත්‍රියකගෙන්ද ආධාර නොඅඩුව ලබාදෙන විවාහ ජීවිතය සැපවත්ව ගතකළ හැකි බවට සලකුණක් වෙයි.
දෛවරේඛාව බාධකවලින් තොරව රවි මණ්ඩලය දෙසට විහිදී ගිය හොත් ලේඛන කලා ක්ෂේත්‍රය වැනි අංශවලින් දියුණුවක් ප්‍රසිද්ධියක් හෙළි කරන අතර එය බුධ මණ්ඩලය (5) දෙසට හැරුණොත් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉහළ දියුණුවක් ප්‍රකාශ වේ.
දෛවරේඛාව හෘදය රේඛාවෙන් අවසන් වීම හෘදයාබාධ ඇතිවීමට හේතු විය හැක. ආදර සබඳතා බිඳවැටීමටද හේතුවන බැව් කියැවේ. දෛවරේඛාවට සමාන්තරව තවත් එවැනි රේඛාවක් පැහැදිලි ලෙස ඉහළට ගියහොත් එම අයට මාර්ග දෙකකින් ධනය හිමිවේ. දෛවරේඛාවෙන් ඉහළට නැගෙන රේඛාවලින් කෙනෙකුගේ වේගවත් දියුණුව, ජයග්‍රහණ හා ජනප්‍රියත්වය ප්‍රකට කෙරේ. බලාපොරොත්තු ඉටුවීම්, සුභදායක සිදුවීම් එම රේඛා බෙදීයන ස්ථානයට අදාළ වයස් සීමාවේදී සිදුවේ. තමා ආදරය කරන අය හා විවාහවීම, රැකියාවකට ඉඩ සැලසීම, ව්‍යාපාරයේ දියුණුව ආදී ජීවිතයේ සුභදායක අවස්ථා එමගින් තීරණය කළ හැකිය.
දෛවරේඛාවේ අවසානය කතිර ලකුණක් නම් හදිසි විපතකි. දෛවරේඛාවේ අග දෙබලක්වී නම් සුභ ලකුණකි. එම සලකුණ ඇති ස්ථානයට අදාළ කාලසීමාවේදී වාසනාව මතුවේ. කාන්තාවකගේ අතක චන්ද්‍ර මණ්ඩලයෙන් පටන්ගත් දෛවරේඛාවක් ඇතිවිට ඉක්මන් විවාහයකට ඉඩ සැලසේ. හොඳ දෛවරේඛාවක් ඇතිවිටත් අවාසනාවන්ත වන අවස්ථාද ඇත. එයට හේතුව වනුයේ සමතුලිත නොවූ අතක් වීමය. ඒ සඳහා මණ්ඩලවලද යහපත් පිහිටීමක් තිබිය යුතුය.
හිඹුටානේ
පියතිලක ද අල්විස්
158, හිඹුටාන, මුල්ලේරියව
දු. අංක 0112419574,
0716212020, 0774979858