ඔමික්‍රෝන් විකෘති ප්‍රභේද ඇවිත්: කොවිඩ් 4 වැනි එන්නත ගන්න

287
  • විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

කොවිඩ් – 19 වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදයේ විකෘති උප ප්‍රභේද කිහිපයක් මතුව ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර ඇති නිසා කොවිඩ් මර්දන හතරවැනි එන්නත් මාත්‍රාව ලබා ගත යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ‘දිවයින’ට ඊයේ (30 දා) පැවසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර ඇති කොවිඩ් – 19 ඔමික්‍රෝන් නව ප්‍රභේද මෙතෙක් මෙරටින් හමුව නැතත් ඉන් වැළකීම සඳහා කොවිඩ් මර්දන හතරවන එන්නත් මාත්‍රාව (බුස්ටර්) ලබා ගැනීම අතිශය වැදගත් බව ද හෙතෙම සඳහන් කළේය. ඕනෑම මොහොතක ලොව ඕනෑම තැනකින් කොවිඩ් – 19 වෛරස් ප්‍රභේදයේ විකෘතිතා මතුවිය හැකි බැවින් සියලු සෞඛ්‍ය පුරුදු සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ ආරක්ෂා කිරීම වැදගත් බවත්, අනිවාර්ය නැතත්, මාස්ක් පැලඳීම හොඳ පුරුද්දක් කර ගැනීම වැදගත් බවත්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

සුජීව තත්සර


advertistmentadvertistment