ඔලිම්පික් කමිටු වංචා දූෂණ: රටින් පනින්න හැදූ ගෝබිනාත් රිමාන්ඩ්

252

විදේශ ගමන් තහනම නොතකා රටින් පලා යෑමට උත්සාහ කරද්දී කටුනායක ගුවන්තොටුපළ ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ මාධ්‍ය කළමනාකාර ගෝබිනාත් සිවරාජා මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 08 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (27දා) සවස නියෝග කළේය.

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ සිදුවී ඇතැයි කියන මහා පරිමාණ වංචා දූෂණ රැසක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සිවරාජා මහතාට, විදේශ ගමන් තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබිණි.

එම නියෝගය නොතකා ඒ මහතා ඊයේ (27දා) අලුයම 1.00ට පමණ හොර රහසේ රටින් පලා යෑමට උත්සාහ කරද්දී, ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

පසුව හෙතෙම කටුනායක ගුවන්තොටුපළ පොලිසිය වෙත භාරදීමෙන් පසු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් වංචා විමර්ශන අංශය වෙත භාරදී තිබිණි. එහිදී දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු ඒ මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කළේය.

ගෝබිනාත් සිවරාජා යනු දැනට විමර්ශනය කෙරෙන ජාතික ඔලිම්පික් කමිටුවට අදාළ වංචා නඩුවකට සම්බන්ධ පුද්ගලයන් රැසක් අතර සිටි ප්‍රධාන සැකකරු වේ.ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ සිදුවී ඇතැයි කියන මහා පරිමාණ වංචා දූෂණ රැසක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සිවරාජා මහතාට, විදේශ ගමන් තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබිණි.

එම නියෝගය නොතකා ඒ මහතා ඊයේ (27දා) අලුයම 1.00ට පමණ හොර රහසේ රටින් පලා යෑමට උත්සාහ කරද්දී, ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

පසුව හෙතෙම කටුනායක ගුවන්තොටුපළ පොලිසිය වෙත භාරදීමෙන් පසු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් වංචා විමර්ශන අංශය වෙත භාරදී තිබිණි. එහිදී දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු ඒ මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කළේය.

හේමන්ත රන්දුණු සහ ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment