ඔලිම්පික් ගිණිසිළුව රැගෙන යන අපේ කොල්ලා

249

ප්‍රංශයේ පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ ගිනිසිළුව රැගෙනයාමට ශ්‍රී ලංකාවේ උපත ලැබූ ප්‍රංශයේ සම්මානනීය බේකරි නිෂ්පාදකයෙකු වන තර්ශන් සෙල්වරාජ් ට අවස්ථාව උදාවී තිබේ.මෙවර ප්‍රංශයේ පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ ගිනිසිළුව පැරිස් නුවර වෙත රැගෙන ආ අතර ඊට පුද්ගලයින් 10,000ක් සම්බන්ධ කර ගැනුණි.ගිනිසිළුව රැගෙනයාමට ශ්‍රී ලංකාවේ උපත ලැබූ සම්මානනීය බේකරි නිෂ්පාදකයෙකු වන තර්ශන් සෙල්වරාජ් මහතාට අවස්ථාව උදාවී ඇත. ඔහු ඉතිහාසගත වන්නේ ඔලිම්පික් ගිනිසිළුව රැගෙන යන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පළමු පුද්ගලයා ලෙසය.2023 වසරේදී ඔහු ජනප්‍රියත්වයට පත් වූයේ ප්‍රංශයේ වාර්ෂිකව පවත්වන සාම්ප්‍රදායික බැගෙට් පාන් වර්ගය නිෂ්පාදනය කරන ප්‍රංශයේ හොඳම බේකරි නිෂ්පාදකයාට හිමි සම්මානය දිනා ගැනීමත් සමගය.

advertistmentadvertistment
advertistmentadvertistment