ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා තරගාවලිය සඳහා සුදුසුකම් ලබා සිටින ශ්‍රී ලංකා යුද හමුදා කාලතුවක්කු රෙජිමේන්තුවේ මාණ්ඩලික සැරයක් අරුණ දර්ශන සහ ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ මාණ්ඩලික සැරයන් නදීෂා දිල්හානි ලේකම්ගේ වෙත යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ විසින් මූල්‍යාධාර ලබාදීම පෙරේදා (23) යුද හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණ.
යුද හමුදාධිපතිතුමන් විසින් එහිදී එක් අයකුට රුපියල් ලක්ෂ දහය බැගින් වූ දිරිදීමනාවක් ලබාදුන් අතර මව්බිම වෙනුවෙන් පදක්කමක් ජයග්‍රහණය කර ශ්‍රී ලංකා නාමයත්, යුද හමුදා නාමයත් බබළවන්නැයි එහිදී යුද හමුදාධිපතිතුමන් ඔවුන්ට සුබ පැතුම් එක් කළේය.