ගීත නිර්මාණක කේන්ද්‍රයේ (Outstanding Song Creators Association – OSCA) නව සභාපතිවරයා ලෙස ප්‍රවීණ සංගීතවේදී කීර්ති පැස්කුවල් මහතා පසුගියදා පැවැති මහ සභා රැස්වීමේදී ඒකමතිකව තේරී පත්විය. සංගීත ක්ෂේත්‍රයේ නියැලී සිටින ගායක ගායිකාවන්, වාද්‍ය ශිල්පීන් සහ සංගීත කණ්ඩායම්වලින් ගීත නිර්මාණක කේන්ද්‍රය සමන්විත වේ. 2023/2024 දෙවසරට නව අධ්‍යක්ෂ මණ්ඩලය ලෙස කීර්ති පැස්කුවල් (සභාපති), සන්තුෂ් වීරමන් (උප සභාපති) රූකාන්ත ගුණතිලක, නිරෝෂා විරාජිනී, ප්‍රදීපා ධර්මදාස, සොහාන් වීරසිංහ, රෝහණ බෝගොඩ, කසුන් කල්හාර, දයාන් විතාරණ සහ අනුරාධා නන්දසිරි යන කලාකරුවන් තේරීපත්වී ඇත.
ඇන්ටන් ජේ. ප්‍රනාන්දු