රත්නපුර, බටුගෙදරදී ත‍්‍රිරෝද රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් ත‍්‍රිරෝදයේ ගමන් ගත් තරුණයන් දෙදෙනකු මරුමුවට පත්විය.
පෙරේදා (05 වනදා) රාත‍්‍රී හතට පමණ මෙම අනතුර සිදුවී ඇතැයි රත්නපුර පොලිසියේ රථවාහන අංශය පවසයි. කතරගම වන්දනාවේ ගොස් නිවෙස් බලා ගමන් කරමින් සිටි වයස අවුරුදු 27 සහ 28 ක තරුණයන් දෙදෙනකු අනතුරින් මියගොස් තිබේ.
ඔවුන් කඩුවෙල සහ අතුරුගිරියේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි. ත‍්‍රිරෝද රථය කොළඹ දෙසටත්, ලොරි රථය කොළඹ සිට වැල්ලවාය දක්වා සෙවිලි තහඩු ප‍්‍රවාහනය කරමින් තිබුණි.
ත‍්‍රිරෝද රථ රියදුරුට නින්ද යෑම අනතුරට හේතුව බව පොලිසිය විශ්වාස කරයි. මියගිය දෙදෙනාගේ හදිසි මරණ පරීක්ෂණය ඊයේ (06 දා) රත්නපුර ශික්ෂණ රෝහලේදී පැවත්වීමට නියමිතව තිබුණි. ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
කහවත්ත – සමරවීර නිරොෂණ