කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරෙන් පලාගොස් සැඟවී සිටි රැඳවියන් 34 ක් පුලස්තිගම පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන (25 දා) පෙරේදා දහවල් පොලොන්නරුව වැඩබලන මහෙස්ත්‍රාත් නීතිඥ රුවන් කුමාර මහතා හමුවට ඉදිරිපත් කළ පසු මෙම මස 31 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගතකරන ලදී.
කන්දකාඩු කඳවුරෙන් පලාගොස් සැඟවී සිටි රැඳවියන් පුලස්තිගම පොලිසියේ නිලධාරීන් විසින් සුංගාවිල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබුණි. පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත ද සිල්වා සහකාර පොලිස් අධිකාරි චානක ද සිල්වා වැලිකන්ද සහකාර පොලිස් අධිකාරි ප්‍රගති අබේසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි පුලස්තිගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික ඩයස් මහතා ප්‍රධාන පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් රැඳවියන් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් රැඳවියන් වැඩ බලන මහෙස්ත්‍රාත් නීතිඥ රුවන් කුමාර මහතා හමුවට ඉදිරිපත් කළ පසු රැඳවියන් මෙම මස 31 දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර ඔව්න් පිළිබඳ වාර්තාවක් ලබන මස 9 වෙනිදා වාර්තාවක් අධිකරණ වෙත ඉදිරිපත් කරන ලෙස වැඩබලන මහෙස්ත්‍රාත් රුවන් කුමාර මහතා බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේය.
ඇලහැර – නිශ්ශංක වෙලගෙදර