සජිත් සහයට සීඅයිඩියට – ඔහු සමග අප ඉන්නවා

806

පවතින කොවිඞ් රැල්ල පාලනය කිරීම හෝ පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නවා වෙනුවට ආණ්ඩුව විපක්‍ෂ මන්තී‍්‍රවරුන් දඩයම් කරමින් විගඩම් සිදුකිරීමේ යෙදී සිටින බව විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (28දා) සජබ මන්තී‍්‍ර හරින් ප‍්‍රනාන්දු මහතා කැඳවා තිබූ අතර ඔහුට සහය පිණිස විපක්‍ෂ නායකවරයා එම ස්ථානයට පැමිණියේය. එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්‍ෂ නායකවරයා වැඩි දුරටත් මෙසේද පැවසීය.

අද දවස සමගි ජනබලවේගය මන්තී‍්‍රවරුන් දඩයම් කිරීමේ ගමනේ තවත් එක් පරිච්ෙඡ්දයක් කි‍්‍රයාත්මක වන අවස්ථාවක්.

රටට අවශ්‍ය වී තිබෙන්නේ සමගි ජනබලවේගය දඩයම් කිරීම නොව පාස්කු ප‍්‍රහාරයට වගකිවයුතු සැබෑ අය කවුද කියලා සොයාබලා මේ රටේ ජනතාවට පොරොන්දු වූ පරිදි කටයුතු කිරීමයි මේ රජයෙන් සිදුවිය යුත්තේ.

රජය කි‍්‍රයාත්මක කරන මන්තී‍්‍ර දඩයම හරහා හරින්ගේ හෝ සමගි ජනබලවේගයේ අප කිසිවකුගේ මානසික ධෛර්ය සහ චිත්ත ශක්තිය අඩු කරන්න කිසි ලෙසකින්වත් බැහැ.

සජබ මන්තී‍්‍රවරුන්, මන්තී‍්‍රවරියන් අප සැමවිටම ආරක්‍ෂා කරනවා වගේම අප හැම විටම එකාවන්ව හරින් වෙනුවෙන් පෙනී සිටිනවා.

අදටත් කාදිනල්තුමා විවිධ පැමිණිලි කරනවා, ප‍්‍රකාශ කරනවා, සාධාරණය ඉටුකරන්න කියලා. ඒත් ඊට ප‍්‍රතිචාර නෑ.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment