කන්නත් බැහැ… නිදාගන්නත් බැහැ පැය දෙක තුනකට වරක්, පොළොව හෙල්ලෙනවා

3198

මියන්මාර් වැසියෝ කියති
මරණ ඉහළට: සිය ගණනක් අතුරුදන්

‘අපිට නිදාගන්න බැහැ නිතර පොළොව හෙල්ලෙනවා’ යැයි මියන්මාර් වැසියෝ පවසති. ‘අපි නිදාගන්නේ එළියේ. පැය දෙකතුනකට වරක් පොළොව හෙල්ලෙනවා. නිදාගන්නත් බැහැ. කන්නත් බැහැ. වතුර බොනවා විතරයි’ යැයි එක් මියන්මාර් තැනැත්තකු ප්‍රකාශ කර තිබේ.

සිකුරාදා සිදුවූ භූමිකම්පාවෙන් මියගිය පිරිස දෙදහසකට ආසන්න වී තිබේ. මේ වනවිට කඩාවැටුණු ගොඩනැඟිලි අසලින් දුර්ගන්ධයක් පැතිරයමින් පවතින බව කියති.

රටවල් රැසකින් ගලවාගැනීමේ මෙහෙයුම් කණ්ඩායම් මියන්මාරයට පැමිණ තිබේ.

චතුර පමුණුව


advertistmentadvertistment