කම්කරු දෙපාර්තමේන්තු කෝටි දෙකට පුස් අල්ලයි

42

කම්කරු දෙපාර්තමේන්තුවේ මුද්‍රණ කාර්යයන් ඉටුකර ගැනීම සඳහා රුපියල් දෙකෝටි දහඅට ලක්ෂ අසූහතරදහස් අසූතුනක් වැය කර මිලදී ගෙන ඇති මුද්‍රණ යන්ත්‍රය කිසිදු ප්‍රයෝජනයකට නොගෙන වසර 07ක් තිස්සේ දෙපාර්තමේන්තුවේ මුද්‍රණාලයේ පවතින බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන්ය. එමෙන්ම මෙකී මුද්‍රණාලය තුළ ක්‍රියාකාරිත්වයේ පවතින පරිගණක යන්ත්‍රයක්, ලැප්ටොප් පරිගණකයක්, බැඳුම් යන්ත්‍රයක් හා කඩදාසි කැපීමේ යන්ත්‍රයක් ද ප්‍රයෝජනයකට නොගෙන මුද්‍රණාලයෙහි ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

මෙම මුද්‍රණාලයෙහි මුද්‍රණ අංශයේ රාජකාරි ඉටුකිරීමට ස්ථිර කාර්ය මණ්ඩලයක් හා අමුද්‍රව්‍ය නොමැති වීම නිසා එකී සම්පත් 2018 වර්ෂයේ සිට ඌන උපයෝජිතව පවතින බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි.

ලලිත් චාමින්ද


advertistmentadvertistment