සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භවූ පළමු ටෙස්ට් තරගයේදී කමිදු මෙන්ඩිස් ශතකයක් වාර්තා කරමින් ලෝක ටෙස්ට් ක්‍රිකට් වාර්තාවක් සම කිරීමට සමත්වී තිබේ.කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට සිය පළමු ඉනිමට කඩුළු 06ක් දැවී ලකුණු 299ක් ලබා සිටී.කමිදු මෙන්ඩිස් නොදැවී 114යි.කුසල් මෙන්ඩිස් 50යි.
කමිඳු සමකර ඇත්තේ පිතිකරුවෙකු විසින් පළමු තරග හතේදීම ලකුණු 50ක් හෝ 50කට වැඩියෙන් රැස් කරමින් පාකිස්තාන ක්‍රීඩකයෙකු විසින් තබා තිබූ ලෝක වර්තාවය.පාකිස්තාන කණ්ඩායමේ ක්‍රිඩකයෙකු වන සවුද් ෂකීල් සිය පළමු ටෙස්ට් තරග හතේදීම ඉනිමකදී හෝ ලකුණු 50 සීමාව ඉක්මවා රැස් කිරීමට සමත් වී තිබුණි.