කලුතර ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

66

හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් කළුතර දිස්ත්‍රීක්කයේ ප්‍රදේශ කිහිපයකට අද (26) පෙරවරු 9සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.ඒ අනුව කළුතර දකුණ, කළුතර උතුර, වාද්දුව, වස්කඩුව, මොරොන්තුඩුව සහ බොම්බුවල යන ප්‍රදේශවලට මෙසේ ජලසැපයුම අත්හිටුවනු ඇත.අද පෙරවරු 9 සිට හෙට (27) අලුයම 3දක්වා මෙම ජල සැපයුම අත්හිටුවීමට නියමිත බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කරයි.


advertistmentadvertistment