කවාජාට ඒ පාවහන් තහනම්

499

Are all lives are equal (සියලු ජීවිත සමාන වේ) යනුවෙන් සඳහන් වැකියක් ලියූ සපත්තුවක් පැළඳ ඊයේ (14 වැනිදා) පකිස්ථානය සමග ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට සූදානමින් සිටි ඔස්ට්‍රේලියා ආරම්භක පිතිකරු උස්මන් කවාජාට අයිසීසීයෙන් අවවාද කර ඇත.

එම අවවාද පිළිගත් කවාජා එම වැකිය නොමැති සපත්තුවක් පැළඳ ඊයේ ක්‍රීඩා කරනු දක්නට ලැබිණි.

අයිසීසී ය එම වැකිය දේශපාලන අර්ථයකින් තේරුම්ගෙන ඇති බව පවසන කවාජා කෙසේ වෙතත් නිදහස වෙනුවෙන් නඟන හඬ නතර නොකරන බව පවසා ඇත.

“නිදහස මානව අයිතිවාසිකමක්. එසේම සියලු ජීවිත සමානයි. ඔබ මා සමඟ එකඟ වුවත් නැතත් මම එය විශ්වාස කිරීම නතර කරන්නේ නැහැ. මම කතා කරන්නේ හඬක් නැති අය වෙනුවෙන් පමණයි” ඔහු වැඩිදුරටත් පවසා සිටියේය. මේ ආකාරයට එංගලන්තයේ මොයින් අලී ද 2014 වසරේදී කටයුතු කිරීමට ගොස් අයිසීසී ය ඊට ඉඩ දුන්නේ නැත.

advertistmentadvertistment
advertistmentadvertistment