කසිප්පු විකුණූ තුම්පනේ මන්ත්‍රී උසාවියේ

120

තුම්පනේ ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී වරයෙකු වූ තිලකරත්න බංඩා නොහොත් (අතුල) කසිප්පු ස්ප්‍රීතු බෝතල් දෙකක්ද සමග හතරලියද්ද පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා හතරලියද්ද පොලිස් බලප්‍රදේශයේ, පොල්වත්ත ඉහළගම ප්‍රදේශයේ ඔහුගේ නිවස ආසන්න ස්ථානයක නීති විරෝධී කසිප්පු අළෙවි කරන බවට හතරලියද්ද පොලිසියට ලද තොරතුරකට අනුව පොලිස් කදඩායමක් අදාළ ස්ථානය වැටලීමේ දී මෙම හිටපු මන්ත්‍රී වරයා කසිප්පු ස්ප්‍රීතු සමග අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙම හිටපු මන්ත්‍රීවරයා කසිප්පු අළෙවි කරන බවට මීට පෙර පොලිසියට ලද තොරතුරකට අනුව පොලිස් ස්ථානයට කැඳවා එම කටයුත්තෙන් මිදෙන ලෙසට අවවාද කර ඇති අතර අවවාද පිළි නොගෙන තවදුරටත් කසිප්පු අළෙවි කිරීමේ කාර්‍යයේ නියලී සිටියදී මෙසේ අත් අඩංගුවට පත්වූ බව පොලිසිය කියයි.

advertistmentadvertistment
advertistmentadvertistment