කාන්තාවගේ යතුරුපැදිය හප්පා දරුවාත් සමග කාණුවට වැටුණු පසු රන් මාලය කොල්ලකාලා

328

සැකකරු ඇල්ලීමට පොලිසිය විමර්ශන අරඹයි

පෙර පාසලේ නැටුම් පුරුදු වීම සඳහා තම දියණිය සමග යතුරුපැදියකින් ගමන් කළ කාන්තාවකගේ යතුරුපැදිය, වෙනත් යතුරු පැදියකින් පැමිණ හප්පා දමා තිබේ. එහිදී ඇය දරුවා සමග කාණුවට ඇද වැටුණු පසු රුපියල් ලක්ෂ හතරක් වටිනා ගෙළ බැඳි රන්මාලය කොල්ලකා පලා ගිය සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කළ බව ඇලයාපත්තුව පොලිසිය පවසයි.

අනුරාධපුර ගල් කඩවල ප්‍රදේශයේ පදිංචි පැමිණිලිකාරිය පෙර පාසලේ පැවැත්වෙන උත්සවය සඳහා නැටුම් පුරුදු වීම සඳහා කරුක්කන්කුලම විද්‍යාලය වෙත පස්වරු 2.00ට පමණ ගොස්, යළි 4.00ට පමණ තම දියණිය සමග නිවසට වෙත ගමන් සිටිය දී, රළපනාව මාර්ගයේ දී මෙම කොල්ලකෑම සිදු කර ඇති බව පොලිසිය කියයි.

පැමිණිලිකාරියගේ යතුරුපැදියට පිටුපසින් වෙනත් යතුරුපැදියකින් පැමිණි සැකකරුට ඉස්සර කිරීම සඳහා ඇය ඉඩලබා දීමේ දී, එම සැකකරු ඇගේ යතුරුපැදිය හප්පා දමා දරුවා සමග අසල කාණුවකට ඇද වැටුණු අවස්ථාවේදී මෙම කොල්ලකෑම සිදුකර ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ඇලයාපත්තුව පොලිසියේ නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන මෙහෙයවති.
මිහින්තලේ – රංග චතූ


advertistmentadvertistment