කාන් උළෙලට ගිය සැලී

83

77 වැනි ජාත්‍යන්තර කාන් සිනමා සම්මාන උළෙල පසුගිය 14 වැනිදා සිට 25 වැනිදා දක්වා පැවැත්විණි. මෙම සමාරම්භක උත්සවය සඳහා විශේෂ ආරාධනා ලැබ ලොව සිනමා කේෂ්ත්‍රයට සම්බන්ධ ප්‍රමුඛ අධ්‍යක්ෂවරුන්, නළු නිළියන් මෙන්ම විවිධ අංශවලට සම්බන්ධ ශිල්පීන් රැසක් සහභාගි වූ බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

මෙවර සම්මාන උළෙලේ දී අන් කවරදාටත් වඩා ලෝක මාධ්‍ය තුළ අවධානය ලක්වූයේ ප්‍රංශ ජාතික සම්මානනීය අධ්‍යක්ෂවරියක් වූ ජස්ටින් ටි්‍රට් විසින්ම අධ්‍යක්ෂණය කොට 2023 වසරේ දී අන්තර් ජාතික කාන් සිනමා සම්මාන උළෙලේ දී වසරේ හොඳම චිත්‍රපටයට හිමි palmer Dor සම්මානය හිමිකරගත් Anatomy of a fall චිත්‍රපටයේ සුවිශේෂී චරිතයක් නිරූපණය කරන ලද සැලී නම් ලොව ම ආකර්ෂණය දිනාගත් බලු සුරතලා විශේෂ අමුත්තකු ලෙස ආරාධනා ලැබ රතු පලස මතින් සමාරම්භක උත්සවයට සහභාගිවීමය.

advertistmentadvertistment
advertistmentadvertistment