අනුර කැනඩාවට

155

කැනඩාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයින් අමතන ජනහමු කිහිපයකට සහභාගි වීම සඳහා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඊයේ (20දා) සවස කැනඩාව බලා පිටත්ව ගොස් ඇත.

ජාතික ජන බලවේගයේ කැනඩා කමිටුව විසින් සංවිධානය කරනු ලැබ ඇති ප්‍රධාන ජනහමු දෙකෙන් පළමුවැන්න 23 වැනිදා සෙනසුරාදා දින පස්වරු 3.00ට කැනඩාවේ ටොරොන්ටෝ අගනුවරදී ද දෙවැන්න 24 වැනිදා ඉරිදා දින පස්වරු 2.30ට වැන්කුවර් නගරයේ දී ද පැවැත්වෙන බව ජාතික ජන බලවේගය සඳහන් කරයි. මෙම ප්‍රධාන ජනහමුවලට අමතරව කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකේය දෙමළ හා මුස්ලිම් ප්‍රජාව මුණගැසෙන සුහද හමු කිහිපයකට ද සහභාගිවීමට අනුර කුමාර දිසානායක කටයුතු කරනු ඇතැයිද පැවසෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment