ත්‍රි’ මලේ කඳවුරේ දී නාවික භටයකුට පිහියෙන් ඇන මරලා

353

ත්‍රිකුණාමලව ශ්‍රී ලංකා නාවික හමුදා කඳවුරේ දී නිවාසන්නයේ දී නාවික භටයින් දෙදෙනකු මත්පැන් පානය කිරීමෙන් පසු එක් නාවික හමුදා භටයෙක් එහි පඩිපෙල අසන්නයේ දී පිහි ඇනුම්කා මියගොස් ඇතැයි ත්‍රිකුණාමල පොලිසිය කියයි.

මෙම ස්ථානයේ දී නාවික හමුදා භටයින් සිව් දෙනෙකු ද මත්පැන් පානය කර ඇති අතර ඉන් දෙදෙනකු එම ස්ථානයෙන් නික්ම ගිය පසු මෙම මිනීමැරුම සිදුවී ඇති බව පොලිසිය විශ්වාස කරයි.

පොලිසිය දැනටමත් මියගිය නාවික හමුදා භටයා සමග මත්පැන් පානය කළ නාවික හමුදා භටයා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මිනීමැරුම පිළිබඳව පොලිසිය සිදුකරන පරීක්‍ෂණවලට අමතරව නාවික හමුදාව විමර්ශනය කරගෙන යයි.

නෝමන් පලිහවඩන – සමන් මල්ලවආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment