කාබන් මූල්‍ය ගිණුම්කරණය පිළිබඳ හවුල්කාරීත්වය (PCAF) සඳහා අත්සන් කළ පළමු ශ්‍රී ලාංකික බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත් වී ඇත. මෙමගින් අත්සන්කරුවන්හට ඔවුන්ගේ මූල්‍ය ක්‍රියාකාරකම් හා සම්බන්ධ හරිතාගාර වායු විමෝචනය (GHG) මැනීමට හා ප්‍රකාශයට පත් කිරීමට අවස්ථාව ලබාදෙන ගෝලීය වැඩසටහනකට සම්බන්ධ වීමට හැකියාව ලැබේ.
තම මෙහෙයුම් වලින් පරිසරයට කාබන් මුදාහැරීම දැනටමත් 100% තුලනය කළ බව සහතික කර ඇති කොමර්ෂල් බැංකුව, PCAF සමඟ ඇතිකරගත් මෙම පෙරළිකාර හවුලකාරීත්වයට ජාත්‍යන්තර මූල්‍ය ආයතනය (IFC) ද සහාය දක්වා ඇති අතර මෙය බැංකුවේ දේශගුණ සංක්‍රාන්ති සැලැස්මේ ප්‍රධාන අංගයක් ද වන බව බැංකුව පවසයි.
PCAF මඟින් මූල්‍ය කළඹවල කාබන් පියසටහන මැනීම සහ ප්‍රකාශයට පත් කිරීම සඳහා පොදු ක්‍රමවේදයක් සපයයි. විවිධ මූල්‍ය ආයතන වල ස්ථාවර වාර්තාකරණයට ඉඩ සලසා දෙමින්, මෙම ක්‍රමවේදය ගෝලීය GHG ගිණුම්කරණ හා වාර්තාකරණ ප්‍රමිතීන් වල පෙන්වා දී ඇති පරිදි මූල්‍යමය විමෝචන, පහසුකම් සලසා ඇති ව්‍යාපෘති වල විමෝචන හා රක්ෂණ ආශ්‍රිත විමෝචන පිලිබඳව සලකා බලයි.