කින්ග්ස් කප් තරගාවලියෙන් ලෝකඩ පදක්කම් 5ක් ලංකාවට

44

තායිලන්තයේ පැවැති 37 වන ‘සෙපක්තක්රෝ’ (Sepaktakraw) ලෝක ශූරතා කින්ග්ස් කප් තරගාවලියට (Kings Cup) සහභාගී වූ , ශ්‍රී ලංකා සෙපක්තක්රෝ කණ්ඩායම, එහි ඉසව් 05කින් ලෝකඩ පදක්කම් 05ක්, ශ්‍රී ලංකා සෙපක්තක්රෝ ඉතිහාසයේ පළමු වරට දිනා ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

මෙම තරගාවලිය තායිලන්තයේ , කොරාත් නුවර ලෝකයේ රටවල් 29ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 750ක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් ඉකුත් 01 වැනි දින සිට 08වැනි දා දක්වා පවත්වා තිබුණි.

සෙපක්තක්රෝ යනු පාද උපයෝගී කර ගෙන සිදු කෙරෙන වොලිබෝල් ක්‍රීඩාවක් බවත් , මෙම ක්‍රීඩාව තායිලන්තයෙන් ආරම්භ වී අග්නිදිග ආසියාව පුරා පැතිර ගිය, වර්තමානයේ බටහිර රටවල් කික් වොලිබෝල් (Kick Volleyball ) ලෙස ද හඳුන්වන ක්‍රීඩාවක් වේ.

වොලිබෝල් ක්‍රීඩාවට අදාළ සියලුම නීතිරීති මෙම ක්‍රීඩාවට ඒ ආකාරයෙන්ම අදාළ වන බව ශ්‍රී ලංකා සෙපක්තක්රෝ ක්‍රීඩා සම්මේලනයේ සභාපති නිලාම් හලාල්ඩීන් මහතා කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය.

මෙම ශ්‍රී ලංකා කණ්ඩායම, මෙම තරගාවලියේ දී කාන්තා ඉසව් 03ක් සහ පිරිමි ඉසව් 02ක් සඳහා ලෝකඩ පදක්කම් 05ක් දිනා ගැනීමට සමත් වී තිබුණි.

කටුනායක ටී.කේ.ජී.කපිල


advertistmentadvertistment