හෙරොයින් ග්‍රෑම් 2.29ක ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම යන චෝදනා දෙකට වරදකරු කරනු ලැබූ 38 හැවිරිදි එක්දරු පියකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (30) ජීවිතාන්තය දක්වාම සිරදඬුවම් නියම කළේය.
දෙමටගොඩ පදිංචි මොහොමඩ් නුරේෂ් මොහොමඩ් රුෂ්වි නමැති එම විත්තිකරු හෙරොයින් ප්‍රවාහනය කිරීම සඳහා භාවිත කළ යතුරුපැදිය රාජසන්තක කිරීමටද නියම කළ විනිසුරුවරයා එම යතුරුපැදිය රාජසන්තක කිරීමටද නියම කළ විනිසුරුවරයා එම යතුරුපැදිය ඉදිරිපත් නොකරන්නේ නම් මහෙස්ත්‍රාත් අධිකරණය විසින් එය විත්තිකරු වෙත මුදාහැරීම සිදුකළ බැදුම්කරයේ සඳහන් රුපියල් ලක්ෂ තුනක මුදල දඩයක් ලෙස අයකර ගැනීමටද නියෝග කළේය. එකි දඩය නොගෙවන්නේ නම් මාස හයක අමතර සිරදඬුවම් ලබාදීමට ද නියම කළ විනිසුරුවරයා අභියාචනා කාලය අවසන් වීමෙන් පසුව නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කොට ඇති හෙරොයින් තොගය විනාශ කිරීමට පියවර ගන්නා ලෙසටද නියෝග කළේය.
ලද රහසිගත තොරතුරක් අනුව පොලිසිය සිදුකළ වැඩලීමකදී 2012.02.17 වැනිදා දෙමටගොඩ ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී හෙරොයින් ග්‍රෑම් 14.350ක ප්‍රමාණයක් සමග එම විත්තිකරුව අත්අඩංගුවට ගෙන තිබිණි. ඉදිරිපත් වූ රස පරික්‍ෂක වාර්තාව අනුව එම හෙරොයින් තොගයේ ශුද්ධ බර හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 29ක් අඩංගු බව අනාවරණය වී තිබීම නිසා එකි චෝදනා යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගෙන තිබිණි. විත්තිකරු එකොළොස් හැවිරිදි දැරියකගේ පියකු බවත් ඔහුගේ බිරිඳ ද දෑස් පෙනීමේ දුර්වලතාවයකින් පෙළෙන අයකු බවත් විවෘත අධිකරණය හමුවේදී පැවසූ විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සිය සේවාදායකයා පෙර වැරදි හෝ පවතින වෙනත් නඩු නොමැත්තෙකු වන බැවින් ලිහිල් දඬුවම් නියම කරන ලෙස ඉල්ලා සිටියේය. හෙරොයින් ජාවාරම නිසා සමාජයට සිදුවී ඇති හානිය අති විශාල බවත් වැඩිහිටියන් පමණක් නොව පාසල් සිසු සිසුවියන්ද එකි උවදුරේ ගොදුරු බවට පත්වි ඇති බවත් පැවසූ පැමිණිල්ල මෙහෙය වූ රජයේ අධිනීතිඥවරිය විත්තිකරුට ව්‍යවස්ථාදායකය විසින් පනවා ඇති උපරිම දඬුවම නියම කරන ලෙස ඉල්ලා සිටියාය.
රජයේ අධි නීතිඥ චතුර දසනායක මහතා සමග රජයේ අධිනීතිඥ කේෂාණි විජේසිංහ මහත්මිය නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙය වූවාය. මහාධිකරණ භාෂණ පරිවර්තක ටී.ඩී. තුවාන් සදාම් මහතා විත්තිකරුට සිංහල භාෂාවෙන් හා ද්‍රවිඩ භාෂාවෙන් එකී නඩු තීන්දුව කියවා දුන්නේය.
ඒ.ජේ.ඒ. අබේනායක