කුරුලු උණ ඒමට පෙර ලංකාව දොර වසයි

1

රෝගය ඇති රටවලින් නිෂ්පාදන ගේන්න අවසර නෑ

කුරුලු උණ රෝගය වාර්තා වී ඇති කිසිදු රටකින් සතුන් හෝ සත්ත්ව නිෂ්පාදන මෙරටට ආනයනය කිරීමට අවසර ලබා නොදෙන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. මේ වනවිට ඉන්දියාවෙන් බිත්තර ආනයනය ද නතර කර තිබේ.

රටවල් කිහිපයක හිස ඔසවා ඇති කුරුලු උණ රෝගකාරක වෛසරය මෙරටට ඇතුළුවීම වැළැක්වීම සඳහා ගෙන ඇති පියවර අඛණ්ඩව ක්‍රියාත්මක කර තිබෙන බවද එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය පවසයි.

ඇමරිකානු එක්සත් ජනපදයේ ගවයන් ආශ්‍රිතව ද මෙම රෝගය වාර්තාවීම දරුණු තත්ත්වයක් බවද කුරුලු උණ රෝගය මෙරට තුළ ව්‍යාප්තවීම වැළැක්වීමට අධීක්ෂණ වැඩපිළිවෙළ ශක්තිමත් කර ඇති බැවින් කුරුලු උණ ගැන අනියත බියක් ඇති කර නොගන්නා ලෙස ද ඇය ඉල්ලා සිටී.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment