කූරගල රැකගන්න පුරෝගාමී වූ ඥාණිස්සර නාහිමියෝ අපවත් වෙති

95

කූරගල පුදබිම ආරක්ෂා කිරීමට පුරෝගාමී වූ සියම් මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශ්වයේ සබරගමු පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක බලංගොඩ බෝමිබුව ශ්‍රී බෝධිමණ්ඩලාරාමාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය වටද්දර ඥාණිස්සර (92) නාහිමියෝ ඊයේ (25 දා) අපවත් වූහ.

පුරා දසක පහක් කූරගල පුදබිම රැකගැනීමේ අරගලයට උරදුන් උන්වහන්සේ ගිහි පැවිදි කා අතරත් ජනප්‍රිය භික්ෂූන් වහන්සේ නමකි. උන්වහන්සේගේ දේහය මේ වන විට බලංගොඩ බෝමිබුව ශ්‍රී බෝධි මණ්ඩලාරාම විහාරස්ථානයේ තැන්පත් කර ඇත. ආදාහන පූජෝත්සවය 27 වැනිදා සවස 2.00 බලංගොඩ දී සිදුකෙරේ.

කහවත්ත – සමරවීර නිරෝෂණ


advertistmentadvertistment