කොත්මලේ අනතුරට ආසන්නයේ වෑන්රියක් ප්‍රපාතයකට වැටී 12කට තුවාල

152

නුවරඑළියේ සිට අනුරාධපුරයේ රාජාංගණයාය දක්වා ධාවනය වූ වෑන් රථයක් කොත්මලේ බස්රථ අනතුර සිදු වූ ස්ථානයට යාබද වූ බ්ලූම්ෆීල් වත්ත ප්‍රදේශයේ වෑන් රථයක් අඩි 50ක් පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එම වෑන් රථයේ ගමන් ගත් 12 දෙනෙකු තුවාල ලබා කොත්මලේ ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති බව කොත්මලේ පොලිසියේ නිලධාරියකු පැවසීය.

නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයකට පැමිණ ආපසු රාජාංගණයාය දක්වා ධාවනය වූ වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක් පමණ වූ ප්‍රපාතයෙන් වූ වතු මාර්ගයට පෙරලී මෙම අනතුර සිදුවී ඇති බවත්, තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බවයි පොලිසිය කියා සිටියේ.

අනතුරින් වෑන් රථයට ද දැඩි අලාභ හානි සිදු වී ඇත.

නුවරඑලිය නාලක රත්නායක


advertistmentadvertistment