පාසල් ව්‍යවසායකත්වය සවිබල ගැන්වීම හා පාසල් ව්‍යවසායකත්ව කවයන් අතර පරිවර්තීය මානසිකත්වයක් ඇති කිරීම අරමුණු කර ගනිමින් කොමර්ෂල් බැංකුව විසින් ‘දිරිබල Next Gen පාසල් ව්‍යවසායකත්ව හැඩගැන්වීමේ වැඩසටහන’ නමින් නව මුලපිරීමක් ආරම්භ කර ඇත.

මෙම වැඩසටහනේ සමාරම්භය පසුගියදා පැවැත්වූයේ එහි ක්‍රියාකාරී ව්‍යවසායකත්ව කවය සඳහා පිළිගැනීමට ලක්වූ ගම්පහ යශෝදරා දේවී බාලිකා විද්‍යාලයේදීය. එම විදුහලේ බොහෝ සිසුහු කඩදාසි කුයිලීන් නිර්මාණ, ඉටිපන්දම් සෑදීම, විසිතුරු කොණ්ඩා කටු නිර්මාණ, පතොක් පැළෑටි සහ ආහාර ද්‍රව්‍ය වැනි ක්ෂේත්‍ර ගණනාවක දැනටමත් ස්වයං ව්‍යාපාර සිදු කරති.

බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – පුද්ගලික බැංකුකරණය ඩිලක්ෂන් හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ මෙම උත්සව අවස්ථාවට, මෙගා හීටර්ස් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂක උපාලි ජයසේකර මහතා විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගී විය. විද්‍යාලය නියෝජනය කරමින් යශෝදරා දේවී බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනී ගයනි වත්සලා මහත්මිය සහ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක පී. එම්. එස්. සී. පතිරාජ මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


advertistmentadvertistment