දුම්රිය වර්ජනයෙන් ශ‍්‍රීපාද වන්දනාවේ පැමිණි වන්දනාකරුවෝ දැඩි අසීරුතාවට

93

දුම්රිය ස්ථානාධිපතිවරුන් පෙරේදා (12 දා) මධ්‍යම රාත‍්‍රී 12 සිට ආරම්භ කර ඇති සංකේත වැඩ වර්ජනය හේතුවෙන් දුම්රියෙන් ප‍්‍රවේශපත‍්‍ර වෙන් කරවාගෙන ශ‍්‍රීපාද වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් පිරිසක් දැඩි අසීරුතාවට පත් වී තිබුණි.

දිවයිනේ විවිධ ප‍්‍රදේශවල සිට ශ‍්‍රීපාද වන්දනා සඳහා හැටන් දුම්රිය ස්ථානයට පැමිණි වන්දනාකරුවන් දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් හැටන් දුම්රිය ස්ථානයේ පිහිටි දුම්රිය විශ‍්‍රාම ශාලාවේ නතර වී සිටි අයුරු අප කැමරාවේ සටහන් විය.

වැඩ වර්ජනය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ කිසිදු දුම්රියක් ඊයේ (13 දා) සිට ධාවනය නොවූ අතර පෙරේදා (12 දා) මධ්‍යම රාත‍්‍රියේ සහ ඊයේ අලුයම ධාවනය කිරීමට තිබූ මගී දුම්රියන් දෙකක් නානුඔය දුම්රිය ස්ථානයේ නතර කර තිබූ අතර නුවරඑළිය ප‍්‍රදේශයේ සංචාරයක් සඳහා පැමිණි විදේශීය සංචාරකයන් පිරිසක්ද දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ වැඩ වර්ජනය හේතුවෙන් අසීරුතාවට පත් වී සිටියහ.

නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment