කොළඹ රෝහල ඇතුළේදීම මරණ පරීක්ෂක පහර කයි

563

විනාඩි 15ක් සිහි නැතිවෙලා ඉඳලා

ඇයි ගැහුවේ කියලා හිතාගන්න බෑ – රෝහලේ ප්‍රතිකාර ලබන මරණ පරීක්‍ෂක නීතිඥ ඉරේෂා දේශානි කියයි

කොළඹ ජාතික රෝහලේ නාගරික අතිරේක හදිසි මරණ පරීක්‍ෂක නීතීඥ ඉරේෂා දේශානි සමරවීර මහත්මියට ඊයේ (28 වැනිදා) උදේ නාඳුනන පුද්ගලයෙකු සිදුකළ අමානුෂික පහරදමකින් තුවාල ලබා ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර තිබේ.

ඇය ඊයේ උදේ 8.00 ට පමණ මරණ පරීක්‍ෂණ රාජකාරි කටයුතු සඳහා එම මරණ පරීක්‍ෂණ උසාවියේ දොර අරින අවස්ථාවේ එක්වරම පැමිණි හැඩි දැඩි පුද්ගලයකු අතින් පයින් පහර දී ඇති අතර පසුව ඇයගේ හිසට කුඩයක් වැනි දෙයකින් ද පහරදී ඇති බව හෙළිවිනැයි පොලිසිය කියයි.

කොළඹ රෝහල ඇතුළේදීම මරණ පරීක්ෂක පහර කයි

පහරකෑමට ලක්වූ ඇය පසුව ඇද වැටී සිහිසුන්ව විනාඩි 15ක් පමණ සිට ඇත. එම ස්ථානයේ රාජකාරි කටයුත්තකට පැමිණි පොලිස් නිලධාරින් පිරිසක් ඇය වැටී සිටිනු දැක රෝහල් ගත කිරීමට පියවරගෙන තිබිණි.

73 වාට්ටුවේ ප්‍රතිකාර ලබන අතිරේක හදිසි මරණ පරීක්‍ෂකවරිය හිස දැඩි ලෙස රිදෙන බවත් ශරීරයේ තැලීම් තුවාල ඇති බවත් “දිවයින”ට පැවසුවාය.

මේක මට හිතාගන්න බැහැ. මම මරණ පරීක්‍ෂක සාක්‍ෂි විභාග කිරීම අවංකව සිදු කරන කෙනෙක්. මට ඇත්තට ම තරහකාරයෝ නැහැ. ඒත් මේ පහරදීම කුමන හේතුවක් නිසා සිදුකළ එකක්ද කියා කියන්න දන්නේ නැහැ. මට පහරදුන් පුද්ගලයා මම අඳුරන්නේ නැහැ. යැයිද ඇය කියා සිටියා ය.

පහරදුන් සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.

සිද්ධිය සම්බන්ධයෙන් මරදාන පොලිසිය පුළුල් පරීක්‍ෂණයක් අරඹා තිබේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment