කොළඹ වෙසක් කලාප වෙත එන අයට දැනුම් දීමක්

246

මේ වනවිට පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතිවෙන සිද්ධි වළක්වාගැනීම වෙනුවෙන් අද (25) රාත්‍රියේ කොළඹ මාර්ග කිහිපයක් වසා තැබීමට පියවර ගන්නා බව පොලීසිය පවසයි.කොළඹ බ්‍රේබෘෘක් පෙදෙස, කනත්ත වටරවුමේ සිට තුම්මුල්ල මංසන්ධිය, බෞද්ධාලෝක මාවත,පෙරහර මාවත ජේම්ස් පීරිස් මාවත හන්දියේ සිට රොටුන්ඩා මංසන්ධිය දක්වා මාර්ග එසේ වසා තැබීමට තීරණය කර ඇත.පොලිස් මාධ්‍ය ප්‍රකාශය, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා මේ බව පවසයි.මේ අතර වෙසක් කලාප නැරඹීම සඳහා පැමිණෙන ජනතාවට පාගමින් එම මාර්ගවල ගමන් කරන ලෙස පොලීසිය දැනුම්දෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment