කොළඹ ගස් 50ක් කඩා වැටේ

350

නිරිත දිග මෝසම් තත්ත්වය සමග පවතින සුළං තත්ත්වය හේතුවෙන් මේ වනවිට කොළඹ මහනගර සීමාව තුළ ගස් 50ක් පමණ කඩා වැටී ඇති බව වාර්තා වෙයි.එහෙත් එම කඩා වැටුණු කිසිඳු ගසක් මීට පෙර හඳුනාගත් අවදානම් සහිත තත්ත්වයේ ඒවා නොවන බව කොළඹ මහ නගර සභාව සඳහන් කළේය.ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයක දී අනාවරණය වී ඇත්තේ එම ගස්වලින් බොහෝ සංඛ්‍යාවක් සුළං තත්ත්වය හේතුවෙන් මුලෙන් ඉදිරී ගොස් කඩා වැටී ඇති බවය.ඒ අනුව මේ සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුවත් කර තිබේ.ඒ අනුව එම ආයතනයේ කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment