කඳානේ අක්කර අටක වගුරුබිමක දැවැන්ත හොර හරක් ඝාතකාගාරයක්

387

පොලිසිය යද්දී මස් මුදලාලි පැන ගිහින්

සොරකම් කරන ලද ගවයන් රැගෙන ගොස් නීති විරෝධීව එම ගවයන් මස් කරන ගව ඝාතකාගාරයක් වටලා සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

ගව සොරකම් කිහිපයක් පිළිබඳව කඳාන පොලීසියට ලද පැමිණිලි කිහිපයක් ඔස්සේ විමර්ශන කළ පොලිස් නිලධාරීන් බෝපිටිය පොලිස් වසමේ දෑලතුර ප්‍රදේශයේ අක්කර 08 ක විශාල වගුරුබිමක ඉතා රහසිගතව පවත්වාගෙන ගිය මෙම ගව ඍතකාගාරය වටලා ඇත. මෙම ගව ඝාතකාගාරය වටලන අවස්ථාවේ එම ස්ථානයේ පුද්ගලයින් සිව් දෙනෙකු සිට ඇති අතර පොලීසිය දුටු එක් සැකකරුවකු එම අවස්ථාවේ පලා ගොස් ඇත. පසුව පොලීසිය එහි කළ සෝදිසියේදී මැරීමට සූදානම් කළ

ගවයන් දෙදෙනෙකු, ඝාතනය කරනු ලැබූ ගවයන්ගේ සම් විශාල ප්‍රමාණයක්, ගව ඝාතනයට යොදා ගන්නා කුළු ගෙඩි, පිහි, පොරෝ, ලණු ඇතුළු උපකරණ රාශියක් ද සොයා ගෙන තිබිණි. පළාගිය සැකකරු එම ගව

කඳානේ අක්කර අටක වගුරුබිමක දැවැන්ත හොර හරක් ඝාතකාගාරයක්

ඍතකාගාරයේ හිමිකරු බව පොලීසිය අනාවරණය කරගෙන ඇති අතර ඔහු හා ඝාතනය කරන ගවයන්ගේ මස් අලෙවි කළ ජා-ඇල ප්‍රදේශයේ මස්කඩ හිමියකු සම්බන්ධයෙන් ද විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පැවසීය.

මෙම ගව ඝාතකාගාරය සම්බන්ධයෙන් හා අත් අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු කඳාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණී හේවාවිතාණ මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ.එම්.එස්.ජයලත්, උප පොලිස් පරීක්ෂක තිවංක පොලිස් සැරයන් වරුන් වන තිලකරත්න (36589), අධිකාරී (61279), සඳරුවන් (69415) පොලිස් කොස්තාපල් ලක්ෂාන් ((37072) යන නිලධාරීන් විසින් සිදු කරනු ලබයි.

කඳාන රුක්මන් පින්තු

advertistmentadvertistment
advertistmentadvertistment