පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සභාපති ධුරය ආණ්ඩු පක්ෂයට තබා ගනිමින් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා) සහ රජයේ මුදල් කාරක සභාවේ සභාපති ධුරය විපක්ෂයට ලබාදීමට තීරණය කර තිබෙන බව සභානායක, ඇමැති බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (06 දා) පැවසීය.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සංයුතිය සම්බන්ධයෙන් මතු වූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව පවසා සිටියේය. ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක් වූ සභානායක බිමල් රත්නායක මහතා-
රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති ධුරය විපක්ෂයට ලබාදීමට අපි තීන්දු කර තිබෙනවා. ඒක ඔබතුමාලා ඉල්ලපු දෙයක් නෙමෙයි. ඒ වගේම රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සාමාජික සංඛ්‍යාව වැඩි කරලා තිබෙනවා ස්ථාවර නියෝගවලට වඩා වැඩියෙන්.
කෝප් කමිටුවේ (පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව) සභාපතිකම ආණ්ඩු පක්ෂයට අවශ්‍යයි. පළමු කාලයේදී පරීක්ෂා කරන්න වෙන්නෙ පසුගිය ආණ්ඩුවේ දේවල්. අපි කැමති නැහැ ඒ ආණ්ඩුවේ ඇමැති කෙනෙක් ඇවිල්ලා කෝප් එකේ සභාපති වෙනවට. ඒක සදාචාර සම්පන්න නෑ.”
අකිත පෙරේරා, රනිල් ධර්මසේන